මොනවද මේ Original සහ Crack කියන්නෙ[Games]










සාමාන්‍යයෙන් අද කාලේ game එකක් හදන්න ඩොලර් මිලියන ගානක් යන වැඩක්. ඒක හින්දා ඒගොල්ලෝ යුරෝපය සහ ඇමරිකාවට ගැලපෙන ආකාරයට තමයි මිල තීරණය කරන්නේ. ඉතින් ඒ මිල අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. Crack games හදන්නේ Original game එක bypass එකක් දාලා access වෙන්න exe file එකක් හදන එක. මේක ලේසි වැඩක් නෙමෙයි . Crack game එකේ දී කරන්න පුළුවන් නිකන් ඔහේ singleplayer එක play කරන එක විතරයි . හැබැයි Ghost Recon Wildlands වගේ games offline හෝ crack game එක අරන් වැඩක් නෑ. මොකද ඒක තනිකරම හදලා තියෙන්නෙ multiplayer වලට. හැබැයි crack ගන්න එක ඉතාම ලාබදායි වැඩක්. Multiplayer Online ආතල් නෑ මේකෙන්. Game එකේ අවුලක් ගියොත් ආයෙ වෙන game එකක්ම දාන්න ඕනේ. Customer support එක නෑ. Original games ගද්දි තියෙන්නෙ ලොකුම වාසිය තමයි Multiplayer තියෙන එක. CO-OP , PVP battle ගහද්දී පට්ටම ආතල්. හැබැයි ලංකාවේ ගොඩක් අය අතරෙ ලොකු මතයක් තියෙනවා original games ගොඩක් ගණන් කියලා. එහෙම නෑ. අලුත් games නම් ටිකක් ගණන්. ඒවගෙත් Gold /Premium edition තමයි ගණන්. නැත්තම් Standed Edition ගණන් අඩුයි. අනික හැම original game එකක්ම Steam , Origin , Uplay වලින් ගන්න එපා. මොකද ඒවගේ පට්ට ගැණන් වැඩී. ඒක හින්ද Instant Gaming හෝ HRK game වගේ site වලින් games වල CD key codes සල්ලි දීලා ගන්න පුළුවන් . ඔයා Origin එකේ Origin Access ගත්තා නම් අවුරුද්දක් යනකම් පට්ට games තොගයක් ගහන්න පුළුවන් . අනික් එක තමයි Free to Play කියන්නේ. මේක ඇත්තටම කට්ටිය අද්ද ගන්න වැඩිය ප්‍රසිද්ධ නැති multiplayer games සහ players ලා වැඩි කරගන්න හදන game developers ලා හදන games වර්ගයක්. ඉතින් මේවට තමයි ලෝකේ වැඩි ඉල්ලුම තියෙන්නෙ . මොකද ලෝකේ දුප්පත් ජනතාව වැඩීනේ 😜. හැබැයි එහෙම කියලා free to play game එකක් වන DOTA 2 එකටත් වඩා steam එකේ PUBG වල players ලා වැඩි උනා මතකයිනේ 😂. ඒක රු4000ක් විතර වෙන game එකක්. හැබැයි මේකෙදි කරන්නේ ඔයගොල්ලො game එකට ඇබ්බැහි කරලා ඒ game එක ඇතුලේදී හොඳ weapons , XP boosters දීලා ඔයගොල්ලන්ගේ අන්තිම සතේටම හින්දනවා. ඒකත් හොඳ business trick එකක් 😉. හැබැයි ඉතින් Original paid game එකක් තරම් හොඳ graphics , හොඳ customer support එකක් මේවගෙත් දෙන්නෙ නෑ. හැබැයි ඉතින් crack ගහන උන්ට එහෙමවත් නෑ 😜. 🉑🉑🉑🉑🉑🉑🉑 ඉතින් ඕවා තමයි වාසි අවාසි ඔක්කොම දැම්මා. Ultramate කියන නම් ඔය තුන් වර්ගෙම ලියවිලා ඇති. ( ඒ කිව්වේ මන් ඔය තුන් විදිහටම ගහන නිසා 😜😉😂👈) එහෙනම් ඔන්න මගේ මතය මන් ඉදිරිපත් කලා. මේක මගේ ක්‍රමය . ඔයගොල්ලො ඔයගොල්ලන්ට කැමති විදිහට කරන්න. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැමෝම gamers ලා. අපි group එකක් විදිහට බෙදෙන්නෙ නැතුව සමගියෙන් සත්‍ය වටහා දීලා , අහුවෙන හැම එකෙන්ම උපරිම fun එකක් ගමු. 👑👑👑👑👑👑👑👑👑👑👑👑 

 අන්තිමට කියන්න ඕන මේක මගේ පෝස්ට් එකක් නෙවේ අපේ sl pc gamers එකේ chanupriya salgado අයියගෙ පෝස්ට් එකක් ඒ පෝස්ට් එකට මෙතනින් යන්න.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

අලුත්ම clash of clans mod එක.

Samsung පෝන් වලටත් Soft Key දාමු. (xposed Tricks 5)

Android phone එක ඉක්මනට charge කරගන්න.

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

Wallpaper එක live widjet එකක් කරමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

එක click එකෙන් youtube playlist එකක් download කරමු.

samsung galaxy s duos 2 එකට lolipop රොමක්.

නිතරම අන්තර්ජාලය භාවිත කරන අයට උපදෙස් ..