Xposed installer වැඩ කෑලි (xposed Tricks 1)


මොකක්ද මේ Xposed Installer..!!


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියලදෙන්න හදන්නෙ, Xposed Installer ගැන කරුණු ටිකක්. මොකක්ද යාළුවනේ මේ Xposed Installer කියන්නෙ..?? මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන්..?? හරි, මෙක ගැන දන්න අපේ යාළුවොත් ඇති, ඒ අයගෙ දැනුම වැඩි වෙන්නයි, මේක ගැන හාන්කවිසියක් වත් නොදන්න කස්ටියට දැනගන්නයි, මගේ මොනව හරි අඩුපාඩුවක් තියනව නම් ඒ අඩුපාඩු ටික හදාගන්නයි තමයි මේ වෑයම. හරි එහෙනම් මම Xposed Installer ගැන දන්න විස්තරේ ඔයාලට කියලදෙන්නම්කො.

ඉස්සෙල්ලම අපි බලමු Xposed Installer කියන්නෙ මොකක්ද, මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන් කියල,
කොටිනම කියනව නම්, Xposed Installer කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ එක එක විකාර ගොඩක් කරන්න පුලුවන් ඇප් එකක්. මේක භාවිතා කරල අපේ දුරකථනය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්. කවුද අකමැති තමන්ගෙ smart phone එක ලස්සනට තියාගන්න නේද..!!
අපි එහෙනම් බලමුකො මේක Install කරගන්නෙ කොහොමද කියල අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට

මේකට අනිවා රූට් කරල තියෙන්න ඕන.


මුලින්ම Xposed Installer ඇප් එක  මෙතනින් බාගන්න  පස්සේ ඔයාලගෙ දුරකථනයට දාල Normal apk එකක් විදියට Install කරගන්නකො. Install කරාම මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕන.



ඕක කරා කියල වැඩේ ඉවර නෑ හොඳේ, එහෙනම් Xposed Installer එක open කරල Framework කියන එක open කරගන්නකො.



ඊලඟට Install/Update කියන Button එක Click කරන්නකො, දැන් Reboot කරන්න. එතකොට මෙන්න මේ අංක කොල පාට වෙයි. එහෙම උනා නම් වැඩේ ගොඩ.


මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නේ මේකෙන් දාන්න පුලුවන් වැඩ කෑල්ලක්  ගැන. මේකට කියන්නෙ XBlast Tools කියල. හරි අපි එහෙනම් බහිමුකො වැඩේට.

XBlast Tools ......

මෙතනින් බාගෙන  normal apk එකක් වගේ Install කරගන්නකො.

ඊට පස්සේ Xposed Installer ඇප් එක Open කරලා Modules වලට යන්නකො, එතන තියන XBlast Tools එකට ටික් එකක් දාල Reboot කරන්න.




ඔන්න ඒකත් ඉවරයි කියමුකො, මම එහෙනම් මේකෙන් කරන පොඩි වැඩකුත් කියල දෙන්නම්කො අපේ කස්ටියට. එතකොටනෙ වැඩේ සම්පූර්ණ වෙන්නෙ නේද යාළුවනේ.

කස්ටිය එහෙනම් apps වලින් XBlast Tools open කරගන්න්කො.

ඊලඟට ඒකෙ ටින Visual Tweakes කියන එක open කරන්නකො.

ඊට පස්සෙ ඒකෙ තියනව Holo Theme කියල ඒකක් අන්න ඒකට යන්න.


ඊලඟට එන Dark theme, Light theme කියන දෙකෙන් Dark theme කියන් එක ගන්නකො.



ඊගාවට Enable Holo Dark Background කියන එකට ටික් එකක් දාල Holo Dark Background Image කියන එක click කරල කැමති Photo එකක් crop කරල දාගන්න, මේක ටිකක් අඳුරු එකක් උනොත් හොඳයි වගේ.


මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා Reboot කරලම.

ඊලඟට ඉතින් Enable Light Background කියන එකට ටික් එකක් දාලHolo Light Background Image කියන එක click කරල කමති Photo එකක් crop කරල දාන්න, මේක ටිකක් සුදු පාට එකක් උනොත් හොඳයි වගේ

Re-boot කරාට පස්සෙ තමයි ප්‍රතිඵල එන්නෙ හොඳේ...

එහනම් මම ගියා... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...

ඔයාලට සුබ දවසක්...!!

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

Android phone එක ඉක්මනට charge කරගන්න.

How to Learn The Entire Python Language In A Single Image

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

අලුත්ම clash of clans mod එක.

අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

Massenger වල අලුත්ම ගේම් එක